මේ දිනවල සමාජ මාධ්යයේ පහත දැක්වෙන පද අඩංගු වස් කවියක් යැයි කියවෙන නිර්මාණයක් ප්රචලිතව තිබෙනවා:
යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිඳේ අසාපන්
සිරි සම්බුදු සසුනට කළ නස්පැත්තිය බලාපන්
චීවරේට නිගා දෙවන පරයන් බිම හෙළාපන්
බොරුවෙන් රජවූ එකාට නැතිවෙන්නම තලාපන්යක්ෂ රාජ උත්පලවන් දෙව් රජිඳේ අසාපන්
සිරිලක් බිම සසුන රකින යුතුකම ගැන සිතාපන්
මිසදිටු වූ පාලකයන් බල බිඳ බිම හෙළාපන්
සමය නසන මිසදිටු හිස් සත් කඩකට පලාපන්යක්ෂරාජ පජ්ජුන්නය දෙව් රජිඳේ අසාපන්
සසුන නසන්නට ඉඩදෙන පාලකයා අඹාපන්
අහස පොළව ගුගුරවමින් මහ හෙණ සැර එවාපන්
උගේ ඇමති මැති නිවටුන් හට හෙනසැර දෙවාපන්යක්ෂ රාජ මහ වෙසමුණි දෙව් රජිඳේ අසාපන්
සසුන රකින්නට සැම යක් සේනාවන් එවාපන්
ලක් දෙරනත සසුන නසන මිසදිටුවන් පෙලාපන්
මිසදිටුවන් හෙළා දැහැමි පාලනයක් තනාපන්නීච කෲර අධර්මිෂ්ඨ අමන රජා තලාපන්
මාස තුනෙන් මේ අදමිටු බල බිඳ දැය වඩාපන්
පන්දහසක් සසුන රැකෙන බිම රැකවල් තනාපන්
සැම සම්දිටු දෙවිනන් මේ යුතුකම ඉටුකරාපන්
එම වචනවලින් දැක්වෙන්නේ බුද්ධ සාසනය රකින්න කරනවා යැයි සමහරුන්ට සිතෙන්න හැකි කන්නලව්වක්. එම කන්නලව්වේ "රජවූ එකාට නැතිවෙන්නම තලාපන්, හිස් සත් කඩකට පලාපන්, හෙනසැර දෙවාපන්, පෙලාපන්" ආදී වචන භාවිතා වෙනවා. මේ ආකාරයේ කන්නලව්වක් කරන කෙනෙකුගේ හිතේ තියෙන්නේ අන් පිරිසකට විපත් වේවා යැයි යන අදහස. අන් අයට විපත් වේවා යැයි සතුරු සිත් ඇති කර ගැනීම බුද්ධ සාසනය රැකෙන්න ක්රමවේදයක් නෙවෙයි. බුද්ධ සාසනය රැකෙන්නේ මෛත්රී සහගත සිත් තමන් තුළත් අන් අය තුළත් ඇති කිරීමෙන්.
අනුවණකමින් වෛරී සහගත අදහස් බුදු සසුන රැකගැනීමට ගන්නා ප්රයත්නයක් වශයෙන් සමාජයට මුදාහැරීම බෙහෙවින්ම පවුකාර ක්රියාවක්. මෙවන් අදහස් නිසා සාමාජයේ මිනිසුන් නොමඟ යනවා, මුළාවට පත්වෙනවා. මෙවන් ක්රියාවන්ගෙන් සිදුවන්නේ බුද්ධ සාසනයට රැකවරණයක් ලැබීම නොව බුද්ධ සාසනය වහ වහා අතුරුදන් වීමට පරිසරය ඇති වීම.
බුදු සසුනේ රැකවරණයට යම් පුද්ගලයෙකුගෙන් හෝ පිරිසකගෙන් අභියෝගයක් එල්ල වේ නම් ඊට එරෙහිව කරන කටයුතු ධාර්මිෂ්ටව සිදු කිරීම අවශ්යයි.
වස් කවිය ලෙස කියැවෙන අදාළ ගොන් කවිය රචනා කළා යැයි කියැවෙන උම්බෑවා පහත දැක්වෙන වීඩියෝවෙන් දකින්න පුළුවන්:
චීවරයක් දරන අයෙකුට ගොනා යැයි කියන්න සිදුවීම ගැන මම කණගාටු වෙනවා. ඒත් සිවුර දාගෙන කරන්නේ තමන්ටත් හානිකර, සමාජයටත් හානිකර ශාසන භක්ෂක ක්රියාවක් නම් මේ වාගේ ක්රියා මතුවටවත් කරන්න අන් අය නොපෙළඹේවා යන අදහසින් සහ මේ ක්රියාව කරපු අය පසුව හෝ තමන් කළ වැරැද්ද තේරුම් ගෙන නිවැරදි වේවා යන අදහසින් ඔවුන්ව නිග්රහයට පත් කිරීම සඳහායි මම ගොනා යන වචනය භාවිතා කළේ.
සබැඳිය: