පුද්ගලයෙක් අනාගතයේ තමන්ට අනර්ථයක් සිදුවන දෑ කිරීමෙන් වැළකීම සඳහා කාය දුෂ්චරිතයෙන්, වචී දුෂ්චරිතයෙන් සහ මනෝ දුෂ්චරිතයෙන් වැළකෙන්න ඕනෑ.
පුද්ගලයෙක් අනාගතයේ තමන්ට අර්ථයක් සිදුවන දෑ කිරීම සඳහා කාය සුචරිතයේත්, වචී සුචරිතයේත්, මනෝ සුචරිතයේත් යෙදෙන්න ඕනෑ.
ඒ ආකාරයට ක්රියා කිරීමෙන් ප්රිය පුද්ගලයෙකුට සලකන ආකාරයෙන් පුද්ගලයෙකුට තමන්ටම සලකන්න පුළුවන්.
සබැඳිය: