බුදු සසුන රැකගැනීම පිළිබඳව මාන්කඩවල සුදස්සන හිමිගෙන් ගිහි පැවිදි හැමෝටම පණිවිඩයක්

වර්තමානයේ සංඝයා බෙදී භින්නවී සිටීම බුදු සසුනට බෙහෙවින්ම අගතියක් සිදු කරනවා. නිවන් දකින්නේ මෙසේය, මෙසේය ආදී ලෙස තම තමන්ම හිතා ගන්නා ලද විවිධාකාර පරවාදයන් බුදු දහම ලෙස පවසන භික්ෂූන් වහන්සේලා මෙකල බහුල ලෙස දකින්න පුළුවන්.

එම අගතිගාමී පිළිවෙතින් බුදු සසුනට සිඳුවන විනාශය පිළිබඳව සහ ඊට පිළියම් යෙදීම ගැන මාන්කඩවල සුදස්සන හිමි පවසන කරුණු වලට ගිහි පැවිදි සියල්ලෝම සවන් දෙත්වා! පිළියම් යෙදීමට උත්සුක වෙත්වා!

සුදස්සන හිමිගේ පණිවිඩය ඇසූ අය නෑසූ අයටද එහිමියන්ගේ පණිවිඩය දැනුම් දෙත්වා! අන් අයවත් බුදු සසුන රැකගැනීමට උත්සුක කරත්වා!

...

අද මේ සාසනය දිහා බලන්න මේ සාසනයට මොකද වෙල තියෙන්නේ කියලා. අම්මෙක් අප්පෙක් නැති දරුවො ටිකක් වගෙයි. හරි මාර්ගයක් නෑ, හරි උපදේසයක් නෑ, හරි ගුරුවරයෙක් නෑ. එක තැනක එක විදිහක්, තව තැනක තව විදිහක්. එක් කෙනෙක් තව තැනකට ඉරිසියයි, තව කෙනෙක් තව තැනකට විරුද්ධයි, තව කෙනෙක් තව තැනකට විරුද්ධයි. මේ අසමඟිතාවය ගොඩනැඟිලා තියෙන්නේ ඇයි? කොතනින්ද මේ ප්‍රශ්නයේ ආරම්භය? මේක ලෙහන්න, මේක හොයන්න, මේක බලන්න, කවුරුවත් උත්සාහවත් වෙන්නේ නැහැ.

...

අද මේ සාසනේ ඇයි ප්‍රශ්න වෙන්නේ මෙහෙම? එහෙම හරියට උගන්වන බෞද්ධ ආයතනයක් නැහැ. ඉස්සර පිරිවෙණ් තිබුනා. හැබැයි මේ පිරිවෙණ් ක්‍රමය නෙමෙයි. අද පිරිවෙණ් ක්‍රමය තියෙන්නේ, පිරිවෙණ් වලට දොස් කියනවා නෙවෙයි, නමුත් අද පිරිවෙණ් තියෙන්නේ සාසනය හිතර්ශී විදිහට නෙවෙයි ගිහි ගෙවල් වලට හිතර්ශී විදිහට. ගිහි ගෙවල් වල දරුවො ටික හැදෙන ක්‍රමයට. නමුත් ඉස්සර ... එහෙම උගන්වන ආයතන අද නැති වෙලා.

...

මේ පැවැත්මෙන් මේ සාසනය ගොඩ ගන්න එක වගකීමක් කියන එක හිතන්න. ස්වාමීන් වහන්සේලා පොලඹවන්න. ස්වාමීන් වහන්සේලාගෙන් අහන්න, ඇයි සාසනය ඒකත්වයකට එන්නේ නැත්තේ? මේකට මොකක්ද කටයුත්තේ?

...

වර්ගවාදී අද අපේ සාසනය තුළ පවතින ඛණ්ඩවාදී, විභජ්ජවාදී අපේ සාසනය තුළ පවතින මේ පැවැත්මයි සාසනය නැති කරන්නේ කියන එක මතක් කරනවා.

කිසිම කෙනෙක් උත්සාහවත් වෙන්නේ නැහැ මේක පිළිකාවක්, පිළිලයක්, මෙහෙම වුනේ ඇයි, මේකෙන් බේරෙන්න මොකක්ද කටයුත්තේ කියල. තමන්ගේ හුදු පැවැත්ම සදහා මොනවා හරි දෙයක් කියන්ඩ හදනවා මිසක, කිය කියා අල්ලගෙන ඉන්ඩ හදනවා මිසක, මේක නෙමෙයි මේ සාසනයට තියෙන ප්‍රතිපදාව කියන කාරණාව හිතන්නේ නැහැ.

ඒ විතරක් නෙමෙයි කණගාටුවට කාරණාවක් බෞද්ධයි කියන ස්වාමින්වහන්සේලා, ගිහි පිරිසම ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරන කොට කවුද මේ සාසනේ රකින්නේ? අභිධර්මය අවශ්‍ය නැහැ, අභිධර්මය බුද්ධ භාෂිතයක් නෙවෙයි, බමුණු මත කියල කියනවා නම් බෞද්ධ කියන පිරිසම, අබෞද්ධ කියන පිරිස මොනවා කිව්වහම මොකද? ඉතින් මං මේ ටික අද කතා කරන්නේ සමස්තයක්ම බෞද්ධයෝ වෙනුවෙන්. ඕගොල්ලන්ට කවදාම හරි දවසක නිවන් දකින්ඩ වෙන්නේ, නිවන් දකින්ඩ පුළුවන් වෙන්නේ සමඟි සංඝයා බිහි වෙච්ච දවසකට මිසක වර්ගවාදී සාසනයක් තුළ නම් නෙමෙයි කියන එක මතක් කරනවා.

...

ඉතින් මම අද දවසේදී ඕගොල්ලොන්ට භාවනා ගැන කියල දෙන්නම්. හැබැයි මේ පණිවුඩය ලෝකෙට කියන්න.

...

අද දවසෙදි මේ දරණ උත්සාහෙදි අපි නැසෙන්නේ සාසනෙත් නසාගෙන බව මතක් කරනවා. අද අපි නිවන් දකින්ඩ කියලා මොකක් හරි දෙයක් කරයි නං කරන දේටයි සාසනය නැසෙන්නේ කියලා කියනවා.

...

මේ සාසනයට උනේ මේ කණවැළ අතහැරලා තමං දන්නා මට්ටමේ විමුක්ති හොයන්ඩ ගිය නිසයි. ඒ නිසා සාසනයට හිතර්ශී නං, සාසනයට ආදරේ නං, මේ පෙළ දහමේ අර්ථය නිවැරදිව ඉගෙනගන්ඩ, උගන්නන්ඩ.

ඉගෙනගන්ඩ, උගන්නන්ඩ දන්නැත්තං ඉගෙනගන්ඩ, උගන්නන්ඩ ක්‍රමයක් හොයන්ඩ, කෙනෙක් හොයන්ඩ, පුද්ගලයෙක් හොයන්ඩ. මේ හැකියාව තියෙන අය ඉන්නවද මේ රටේ, මේ ලෝකෙ? සමස්ථයක්ම සහ සංඝරත්නයට ආරාධනා කරනවා, සමස්ථයක් බෞද්ධයන්ට ආරාධනා කරනවා මගෙ බුදුහාමුරුවන්ගේ සාසනයට මෙහෙම වෙන්ඩ දෙන්නෙ නැතිව මේක හොයන්ඩ. මම කියන්නෑ කෙනෙක්, පුද්ගලයෙක්. පර්යේෂණය කරන්න. පැහැදිලිව සමස්ථයක් වූ බෞද්ධයන් කෙරෙහි, ලෝකවාසී, ඒකත්ව වූ ප්‍රතිපදාවක් ගොඩ ගැනෙන විදිහට ජිනවචන යුක්තතාවයෙන්[?] යුක්ත පෙළ දහමේ අර්ථය පෙන්නන්න පුළුවන් අය ලෝකෙ කවුද ඉන්නෙ? කොතනද ඉන්නේ? ඉන්නවා නං, ඇවිල්ලා මේ පෙළ දහමේ අර්ථය පෙන්නලා සමස්ථයක් බෞද්ධ ඉගෙනුම් ක්‍රමය මේ විදිහට සකස් කරන්ඩ කියලා ආරාධනා කරනවා.

මට අද කියන්ඩ ඕනැ පණිවිඩය ඒක. මොකද මේ සාසනයට වෙන දේ ගැන දුකයි.

...

මම බලන්නේ සාසනයේ දියුණුව කියලා කියන්නෙ රටේම සංඝයා දියුණු උනත් නෙවෙයි සමස්ථයක්ම ලෝකවාසීන්ම වාසීම මහා සංඝරත්න එක අදහසකට එක තීරණයකට එක ඉලක්කයකට එක දර්ශනයකට ආපු දවසටයි සාසනයට පිහිටක් ලැබුවා වෙන්නේ. ලෝකවාසී බෞද්ධයෝම එක අදහසකට, එක තීරණයකට, එක දර්ශනයකට ආපු දවසටයි නිර්මල බුද්ධ සාසනය ලෝකෙ පවතින්නෙ.

...

නිවන් දකින්ඩ කියලා ඔබ විමසීමකින් තොරව මොකක් හරි දෙයක් කළොත් ඔබ මතක තබා ගන්ඩ ඔබ බුදුහාමුරුවන්ගෙ සාසනය නැති කරන්ඩයි වෙර දරන්නෙ කියන එක මතක තබා ගන්ඩ.

...

මං කැමතියී මේ බුද්ධ සාසනය නිර්මලව තව බොහෝ කාලයක් ලෝකෙ තුළ පවතින්ඩ පවතිනවා නං. ඒකටයි මං මේ ටික කතා කරන්නේ.

ඕගොල්ලො එකේක තැන් වල එකේක දෘෂ්ටි වලට ඔළුව වනන තාක්, කොන්ද කෙලින් තියා ගෙන කටයුතු නොකරන තාක්, මේ සාසනය හැදෙන්නේ නෑ.

...

මේකෙ තියෙන විෂමතාවය, බරසාරකම ඕගොල්ලන්ට තේරෙන්නේ නෑ. මේ සාසනය විනාස කරන්ඩ ඕන කෙනෙකුට පුළුවන්. මොනවා හරි සිව්රක් දාගෙන, මොනවා හරි දෙයක් කියන්ඩ, හෙට දවසේ ඒ කතා කරන දේ පිටිපස්සෙ සිය ගණනක් යයි. ඒකට වාරණයක් නෑ, ඒකට නීතියක් නෑ, ඒ දේශනා වලට ප්‍රමිතියක් නෑ, ඒ දේශනා වලට ඉලක්කයක් නෑ. මේවා කියන්නෙ ඇයි? මේවා කියන්නෙ මොකද? මෙහෙම කියන්නෙ කොහොමද? කොහෙද මේකට සාක්ෂි? කවුද මේ විදිහට ඉගැන්නුවේ? කවුද ඔබේ ශාස්තෘන් වහන්සේ? පිටකෙ නං පිටකෙ කොතනද තියෙන්නෙ මේ ක්‍රමය? විමසන්ඩ කෙනෙක් නෑ. අම්මෙක් අප්පෙක් නැති දරුවො ටිකක් වගෙයි කියලා පෙන්නුවේ මං ඒක නිසයි.

ඒ නිසා පුළුවන්නං මේ වැරැද්ද ලෝකෙං අයිං කරන්නෙ කොහොමද කියන තැනකට හැම දෙනාම කටයුතු කරන්ඩ කියන එකත් මතක් කරනවා.

හැබැයි මම අඬ අඬා පස්සෙන් එන්නෙ නැහැ කිසිම ගිහි කෙනෙක්වත්, පැවිදි කෙනෙක්වත් වෙනුවන්. මම අවංකවම මට කුමක් කළ හැකිද කියන එකකින් මම උත්සාහවත් වෙනවා. මට පුළුවන් දෙයක් මගෙ බුදුහාමුදුරුවො වෙනුවෙන් මං තනියම කරන්ඩ උත්සාහවත් වෙනවා. මං හිතේ තියෙන හැඟීමට මේ ටික කියන්නෙ.

...

මගෙ බුදුහාමුරුවන්ගෙ සාසනේ ලෝකෙ ජීවත් කරවන්ඩ නං ඔබ මීට වඩා ප්‍රඥාවන්ත විය යුතුයි.

...

කෙටියෙන් කිව්වොත්, යම් දේශනාවක සුදේශිත භාවය මනින්ඩ තියෙන ප්‍රධානත ලක්ෂණය තමයි බොහෝ කොට, සාරවත් කොට, ගැඹුරුයි කියලා හැඟෙන, හිතෙන විදිහෙ වචන කතා කිරීම, වචන ඇහීම නෙමෙයි, අවසානයේදී ඔබට කරන්ඩ කියලා පණවන ප්‍රතිපදාව මොකක්ද කියන එක බලන්ඩ හොඳට. ප්‍රතිපදාව මොකක්ද කියන එක බලන්ඩ.

...

අගතිගාමී පිළිවෙතින් බුදු සසුනට සිඳුවන විනාශය පිළිබඳව සහ ඊට පිළියම් යෙදීම ගැන මාන්කඩවල සුදස්සන හිමි පවසන කරුණු වලට ගිහි පැවිදි සියල්ලෝම සවන් දෙත්වා! පිළියම් යෙදීමට උත්සුක වෙත්වා!

සුදස්සන හිමිගේ පණිවිඩය ඇසූ අය නෑසූ අයටද එහිමියන්ගේ පණිවිඩය දැනුම් දෙත්වා! අන් අයවත් බුදු සසුන රැකගැනීමට උත්සුක කරත්වා!