වීර්යය කිරීම පුහු ආටෝපයකැයි වරදවා දෙසන ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි කටේ කෙටේරියෙන් තමන්ටම කොටා ගනියි

බුදුරජානන් වහන්සේ බහුශ්‍රැත බව බෙහෙවින් අගය කොට තිබෙන මුත්1 මේ ලෝකේ සමහර තුච්ඡ පුද්ගලයින් ඉන්නවා ත්‍රිපිටකයේ මෙසේ මේ කරුණ ඇතැයි යම් දහම් කරුණක් ඉදිරිපත් කළොත් ඒ ඉදිරිපත් කරන තැනැත්තාට "ඕවා දැනගෙන උගතෙක් උනාට අවබෝධය ලැබෙන්නේ නෑ", "උගත්කම තිබුනාට අවබෝධය ලැබෙන්නේ නෑ", "ඕවා කියවීමෙන් අධිමානය ඇතිවෙන එකයි වෙන්නේ", "තුච්ඡපොට්ඨිල කෙනෙක් වෙන්ඩ එපා" ආදී ගැරහීම් කරන. එවන් ගැරහීම්වලින් ඒ ගරහන පුද්ගලයින්ගේම අන්ධබාල බව විද්‍යමාන වෙනවා. ඊට නොදෙවෙනි ගැරහීමක් ඉහත විඩියෝවේ දකින්න පුළුවන්. ඒ අධිගම ලැබුම පිණිස වීර්යය කරන පුද්ගලයින්ගේ වීර්යය කිරීම පුහු ආටොපයකැයි ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි විසින් අන්ධබාල උපදෙස් දීම. වීඩියෝවේ පෝස්ටරයේ ඉන් "මිදෙමු" යැයි ද සටහන් කර තිබෙනවා.

ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි අධිගම ලබලත් නෑ, මේ ලෝකේ අධිගම ලබා ඇති අය ඇතැයි දැනගත හැකි ඥානයකුත් උන්දෑට නෑ, මේ ලෝකේ අධිගමලාභීන් නැතැයි දැනගත හැකි හැකි ඥානයකුත් උන්දෑට නෑ. එසේ ඇතිවිට මෙකල වීර්යය කොට අධිගම ලැබූ කිසිවෙකු නැතැයි පවසන්න මේ බත් බැළයාට ඇති පදනම කුමක්ද?

මෙකල මාර්ගඵල ලැබූවන් ඇති ද නැති ද යන්න නිශ්චිතව දැනගත හැකි ඥානයක් නොමැති නුවණැති පුද්ගලයින් ඒ පිළිබඳ මෙසේ සිතා බැලීම සුදුසුයි. කෙසේද යත්, "මම අධිගමයක් ලබලත් නෑ, අනිත් අය අධිගම ලබා ඇති දැයි නිශ්චිතව දැනගත හැකි ඥානයකුත් මට නෑ. තවද මේ ලෝකේ අධිගම ලාභීන් නැතැයි නිශ්චිතව දැනගත හැකි ඥානයකුත් මට නෑ. එහෙම එකේ මම මෙකල මේ ලෝකේ එකදු අධිගම ලාභීයෙකු වත් නැතැයි කීවොත් සහ හැබෑවටම මෙකල මේ ලෝකේ එකදු අධිගම ලාභීයෙකු වත් නැත්නම් මගේ කීම සත්‍යයක් වෙනවා. එවිට මගේ කීමෙන් මට පවක් වෙන්නේ නෑ. නමුත් මම මෙකල මේ ලෝකේ එකදු අධිගම ලාභීයෙකු වත් නැතැයි කීවොත් සහ හැබෑවටම මෙකල මේ ලෝකේ අඩු තරමින් එක් අධිගම ලාභියෙකු වත් සිටියොත් මගේ කීම මුසාවක් වෙනවා. එවිට මගේ කීමෙන් මට පවක් වෙනවා. එවිට ඒ මගේ ප්‍රකාශය අඩු තරමින් එක් අධිගම ලාභියෙකුගේ හෝ ඇති ගුණය නැතැයි ප්‍රකාශ කිරීමක් වෙනවා. එය ආර්යය පුද්ගල ගුණ කැණීමක් වෙනවා. එබැවින් නොදන්නා මම නොදන්නා දෙයක් ගැන දන්නා පරිද්දෙන් කීමට ගොස් පව් රැස්කර ගැනීමට තිබෙන අවස්ථාව අවුරා කටයුතු කළ යුතුයි." ලෙසයි.

මෙකල මේ ලොව එකදු මාර්ගඵල ලාභීයෙකුවත් නැතැයි කීම මුසාවක්. එබැවින් ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි විසින් කරගන්නේ තමන්ගේම දුකට හේතු වන පරිදි තම කටේ කෙටේරියෙන් තමන්ටම කොටාගැනීමක්. වීර්යය කිරීම පුහු ආටොපයකැයි කීම ද දහම් මගේ හික්මෙන පුද්ගලයින්ව නොමඟ යැවීමක්. මෙකල අධිගම ලාභීන් බහුලව නොමැති බව ඇත්ත. ලෝකයේ සමස්ත ප්‍රජාවේ ප්‍රමාණයට අනුව අල්පමාත්‍ර උවත් මෙකල මාර්ගඵල ලබන්න හැකි තරම් ප්‍රඥාවන්තයින් සෑහෙන පමණ සිටිනවා. ඉනුත් පිරිසකට සද්ධර්මය ඇසෙන්නේ නෑ. සද්ධර්මය ඇසෙන ප්‍රදේශයක සිටියත් යොමුව අඩු බැවින් තවත් ඉන් යම් පිරිසක් සද්ධර්මයට ප්‍රමානවත් තරම් යොමුවන්නේ නෑ. සද්ධර්මයට යොමුවන ඒ පිරිසෙන් කොටසටත් අහන්ඩ ලැබෙන්නේ ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ වැනි කුසීත කථා නම් ඒ පිරිසත් උකටලී වෙනවා.

නුවණැත්තෝ මෙබඳු බත් බැළයින්ගේ කුසීත කථා නොසලකා වීර්යය කරත්වා! මාරයා පරාජය කරන්න මාරයාටම බයේ හැංගිලා, කුසීත වෙලා පුළුවන් යෑ? මාරයා පුළුවන් විගඩමක් නටාගත්තාවේ.

ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි කර ඇත්තේ තමන්ගේ බැරිකම නැති පණ්ඩිතකමක් දක්වමින් අනුන්ට ආරෝපණය කිරීමක්. පුහු ආටෝප කථා කියමින් තමන්වම හුවා දක්වන අයෙකුව දකින්න කැමති අයට ඉහත වීඩියෝවේ පෝස්ටරයේ හුවා දක්වා තිබෙන බත් බැළයාවම ඊට උදාහරණයකට ගන්න පුළුවන්.

සබැඳි:

  1. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ දසක නිපාතයේ පඨමපණ්ණාසකයේ නාථවග්ගයේ පඨම නාථකරණ සූත්‍රය
  2. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල්හාමි අභිධර්මය ගැන කීමට කට අරියි. මූසල හිවල් නද පැතිරෙයි.