වහරක අභයරතනාලංකාර අද්ධුවං යන වචනය පෙන්වා අනිච්ච යන වචනයේ අර්ථය පටලැවීම

මිසදිටු ගත් වහරක අභයරතනාලංකාර අනිච්ච යන පාලි වචනයේ අර්ථය අනිත්‍ය බව පවසා එහෙත් එය දොස් සහිත බව දක්වා ස්ථිර නැත යන අර්ථය දැක්වීම පිණිස අනියත, අද්ධුව යන වචන පාලි භාෂාවේ ඇතැයි පවසන අයුරු ඉහත දැක්වෙන අභයරතනාලංකාරගේ ප්‍රලාප අඩංගු වීඩියෝවේ සදහන්ව තිබෙනවා. නැති අර්ථ පටලැවිල්ලක් ගැන පවසා අසන්නන්ට සැක උපදවා අභයරතනාලංකාර විසින්ම බුද්ධ භාෂිත වචනවල අර්ථ පටලැවිල්ලක් ඇති කෙරෙන අයුරු එහි දකින්න පුළුවන්. උන්දෑ ඒ උත්සාහ කරන්නේ අනිච්ච යන වචනයේ සැබෑ අර්ථය එහි සැබෑ අර්ථය වන අනිත්‍ය යන්න නොව කැමති සේ නැත යන්න යැයි අන් අයට දක්වන්න.

පාලි භාෂාවේ අද්ධුවං යැයි වචනයක් තිබෙනවා. එහි අර්ථය අභයරතනාලංකාර පවසන අයුරින්ම ස්ථිර නැත යැයි ගත හැකියි. අද්ධුවං යන වචනයේ අර්ථය කුමක් ද යන්න ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ පඤ්ඤාවග්ගයේ විපස්සනා කථා යටතේ 236 පිටුවේ ඇති පහත උපුටා දක්වා ඇති වදන් පෙළින් ද වටහා ගන්න පුළුවන්:

අද්ධුවතොති අනිච්චානුපස්සනා.

මෙතැන ලියන්ඩ තිබූ ලිපියේ ඉතුරු ටික කියවන අයටම වැටහේවා!

අතිරේක කියවීම්:

  1. වලස්මුල්ලේ අභය හිමි අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම
  2. හඳපාන්ගොඩ නිවාතාප හිමිගේ "අනිච්ඡා වත සංඛාරා" පටලැවිල්ල
  3. බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ පටිසම්භිදාමග්ගප්පකරණයේ විපස්සනා කථාවේ සඳහන් "අසාරකතොති අනත්තානුපස්සනා" යන්න "අසාරකතොති අනිච්චානුපස්සනා" ලෙස සැලකිය යුත්තේ ඇයි?