බුදුරජානන් වහන්සේ විසින් නොදෙසන ලද්දක් සං යන නමින් දෙසන ලදැයි වහරක අභයරතනාලංකාර විස්තර කිරීම

බුදුරජානන් වහන්සේ දේශනා කළ ධර්මයෙහි "සං" යන නමින් දේශනා කරන ලද ධර්ම කොට්ඨාශයක් නැහැ. ඉහත වීඩියෝවේ දැක්වෙනුයේ බුදුරජානන් වහන්සේ නොදෙසූ එනම් දහමක් බුදුරජානන් වහන්සේ දෙසූ බවට මිසදිටු ගත් වහරක අභයරතනාලංකාර විසින් විස්තර කෙරෙන අයුරුයි.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ ඒකකනිපාතයේ අජ්ඣත්තිකවග්ගයේ තිස් හත් වන සූත්‍රයේ මෙසේ සඳහන්ව තිබෙනවා:

[ පාලි බසින් ]

යෙ තෙ භික්ඛවෙ භික්ඛූ අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති, තෙ භික්ඛවෙ භික්ඛූ බහුජනාහිතාය පටිපන්නා බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. බහුඤ්ච තෙ භික්ඛවෙ භික්ඛූ අපුඤ්ඤං පසවන්ති. තෙචිමං සද්ධම්මං අන්තරධාපෙන්තීති.

[ සිංහල පරිවර්තනය ]

මහණෙනි, යම් ම මහණ කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලද්ද නොතෙපලන ලද්ද තථාතගයන් වහන්සේ විසින් දෙසන ලදැයි තෙපලන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්මය අතුරුදන් කෙරෙත්.

අතිරේක කියවීම: