කාන්තාවක් පැවිදි වීමට පෙර ඇසිය යුතුම ගීතයක් තිබේද?

අමරපුර සංඝ සභාවේ ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දාගේ සටහනක් ඇසුරින් සකසන ලද ගීතයක් ලෙස "නිවන සොයා යන දියණියනේ...!" යන නම් ඇති ගීතයක් ඇතුලත් වීඩියෝවක් මඳ කලකට පෙර සිට අන්තර්ජාලයේ ප්‍රචාරය කෙරෙමින් පවතිනවා.

යූටියුබ් වෙබ් අඩවියේ එම වීඩියෝව "කාන්තාවක් පැවිදි වීමට පෙර ඇසිය යුතුම ගීතයක්" යැයි මාතෘකා කොට ප්‍රචාරය කර තිබෙනවා. එම මාතෘකා කිරීමට අනුව කාන්තාවක් පැවිදි වීමට පෙර එම ගීතය ඇසිය යුතුම වෙනවා. එම අලුතින් එක් කර ඇති බුදු සසුනේ නොමැති මානසික අසහනකාරීන්ගේ විනය අතහරින්නට බැරි නම් අමරපුර සංඝ සභාවේ ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දාට සහ ඒ පැවිද්දා පසුපස යන මානසික අසහනයෙන් පෙළන පිරිසට පමණක් වත් එය සීමා වෙනවා නම් හොඳයි.

W. G. අංජනා සජානි ගුණවර්ධන නම් කාන්තාවක විසින් ගායනා කෙරේ යැයි දක්වා ඇති එම ගීත වීඩියෝව සැබෑවටම පවතී දැයි දොඩම්පහල චන්ද්‍රසිරිට පරික්ෂා කර බැලීමට උවමනාවක් ඇති උවහොත් මෙම සබැඳියෙන් එම ගීත වීඩියෝවට යොමුව වැඳිරියකගේ හඬ ඇසිය හැකියි: "නිවන සොයා යන දියණියනේ...!".