අධම්මික සූත්‍රයට අනුව මන්ත්‍රීවරු පිරිහීමෙන් මහා සංඝරත්නය පිරිහේ යැයි ද, මහා සංඝරත්නය පිරිහීමෙන් ජනතාව පිරිහේ යැයි ද රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා මුසා දෙසීම

[ කාලය 00:02:55 ]

එහෙනං බුදුරජානන් වහන්සේ අධම්මික සූත්‍රයට අදාළව දේශනා කරනවා රටේ රාජ්‍යය නායකයා පිරිහුණ තැන රටේ අගමැතිවරයා පිරිහෙනවා කියලා. අගමැතිවරයා පිරිහුණ තැන ඇමතිවරයා පිරිහෙනවා කියනවා. ඇමතිවරයා පිරිහෙන තැන මන්ත්‍රීවරයා පිරිහෙනවා කියනවා. මන්ත්‍රීවරයා පිරිහෙන තැන මහා සංඝරත්නය පිරිහෙනවා කියනවා. මහා සංඝරත්නය පිරිහෙන තැන ජනතාව පිරිහෙනවා කියනවා. ජනතාව පිරිහෙන තැන ...

[ කාලය 00:04:11 ]

එහෙනං දරුවෝ ජනතාව පිරිහිලා නං ජනතාව පිරිහුණේ ඇයි කියලා පරීක්ෂණ කරලා වැඩක් නෑ. තේරුණයි? කොමිසන් පත්කරලා හොයන්න කියලා වැඩක් [නෑ]. ජනතාව පිරිහුණේ සංඝයා පිරිහෙච්ච තැන. එතකොට සංඝයා පිරිහුනා නං සංඝයා පිරිහුණේ ඇයි කියලා මේ මේ පරීක්ෂණ පවත්වන්න කොමිසමක් පත්කරලා වැඩක් නෑ. සංඝයා පිරිහෙන්න නං පාර්ලිමේන්තුව පිරිහෙන්න ඕනෑ. පාර්ලිමේන්තුව පිරිහුණේ ඇයි කියලා හොයන්න ...

--

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ දුතියපණ්ණාසකයේ පත්තකම්මවග්ගයේ අධම්මික සූත්‍රයෙන්:

[ පාලියෙන් ]

20. යස්මිං භික්ඛවෙ සමයෙ රාජානො අධම්මිකා හොන්ති, රාජායුත්තාපි තස්මිං සමයෙ අධම්මිකා හොන්ති. රාජායුත්තෙසු අධම්මිකෙසු බ්‍රාහ්මණගහපතිකාපි තස්මිං සමයෙ අධම්මිකා හොන්ති. බ්‍රාහ්මණගහපතිකෙසු අධම්මිකෙසු නෙගමජානපදාපි තස්මිං සමයෙ අධම්මිකා හොන්ති. නෙගමජානපදෙසු අධම්මිකෙසු විසමං චන්දිමසූරියා පරිවත්තන්ති. විසමං චන්දිමසූරියෙසු පරිවත්තන්තෙසු විසමං නක්ඛත්තානි තාරකරූපානි පරිවත්තන්ති. විසමං නක්ඛත්තෙසු තාරකරූපෙසු පරිවත්තන්තෙසු විසමං රත්තින්දිවා පරිවත්තන්ති. විසමං රත්තින්දිවෙසු පරිවත්තන්තෙසු විසමං මාසද්ධමාසා පරිවත්තන්ති. විසමං මාසද්ධමාසෙසු පරිවත්තන්තෙසු විසමං උතුසංවච්ඡරා පරිවත්තන්ති. විසමං උතුසංවච්ඡරෙසු පරිවත්තන්තෙසු විසමං වාතා වායන්ති විසමා අපඤ්ජසා. විසමං වාතෙසු වායන්තෙසු විසමෙසු අපඤ්ජසෙසු දෙවතා පරිකුපිතා භවන්ති. දෙවතාසු පරිකුපිතාසු දෙවො න සම්මාධාරං අනුප්පවෙච්ඡති. දෙවෙ න සම්මා ධාරං අනුප්පවෙච්ඡන්තෙ විසමපාකානි සස්සානි භවන්ති. විසමපාකීනි භික්ඛවෙ සස්සානි මනුස්සා පරිභුඤ්ජන්තා අප්පායුකා හොන්ති. දුබ්බණ්ණා ච දුබ්බලා ච බව්හාබාධා ච.

[ සිංහල පරිවර්තනය ]

20. මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්‍රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්‍රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්‍ද්‍රසූර්‍ය්‍යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්‍ද්‍රසූර්‍ය්‍යයන් වැටෙනා කල නක්‍ෂත්‍රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්‍ෂත්‍රතාරකාරූපයන් ප්‍රවෘත්ත වූ කල රාත්‍රින්‍දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්‍රින්‍දිවයන් පවත්නා කල මාසාර්‍ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව මාසාර්‍ධමාසයන් පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතිත්. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමයි. දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමන කල්හි දෙවතාවෝ ප්‍රකුපිත වෙත්. දෙවතාවන් ප්‍රකුපිත වූ කල මනා දහරින් වැසි නො වසියි. වර්‍ෂා සම්‍යක් ධාරායෙන් නො වස්නා කල ශස්‍යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්‍යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්‍වණ ද වෙත්. දුර්‍වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්.