ලබුනාරී ටැබ් පූජාව

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ මෙහෙයවීමෙන් දෙදහස් දහ නව වන වූ මෙම වසරේ ජූනි මස විසි නව වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින ත්‍රිපිටකය අඩංගු ටැබ්ලට් වර්ගයේ පරිගණක පන්දහසක් ස්වාමීන් වහන්සේලාට පූජා කිරීම බොහෝ පින් උපදවන ක්‍රියාවක්. එම පූජාව පිළිබඳ අන්තර්ජාලයේ පළව තිබූ යම් වීඩියෝවක් දැකීමෙන් පසු එම පූජාවට යම් අනුරූප බවක් ඇතිව පවත්වන්නට හැකි තවත් පූජාවක් ගැන අදහසක් මා තුළ උපන්නා. එය "ලබුනාරී ටැබ් පූජාව" යැයි නම් කරමු.

ලබුනාරී ටැබ් පූජාවේදී කළ යුත්තේ ටැබ්ලට් වර්ගයේ පරිගණක උපාසිකාවන්ට පුජා කිරීම. ප්‍රමුඛ වශයෙන් උපාසිකාවන්ට පූජා කළත් සමහර උපාසකයින්ට පූජා කිරීම උවත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

ලබුනාරී ටැබ් පරිගණකයක අන්තර්ගත කළ යුත්තේ උදැල්ලකට කැපුණු ගැඩවිලෙකු මෙන නළියන්නේ නැතිව සංවර කයක් පවත්වා ගන්නා බැවින් ප්‍රසාදය උපදවන ඉරියව් ඇතිව සහ වෙසඟනක් කථා කරන්නාක් මෙන් නැතිව සංකර නොවූ ප්‍රසාදය උපදවන වවන හැසිරවීම් ඇතිව අසන්නන්ට අමතන ආකාරය ඉගෙනීමට ඉවහල් වන දෑ.

ලබුනාරී ටැබ් පරිගණක කවර ආකාරයේ උපාසිකාවන්ට ප්‍රයෝජනවත් විය හැකි දැයි තවදුරටත් වටහා ගනු කැමති අයට පහත දැක්වෙන සබැඳිවලට අදාළ ලබුනාරී වීඩියෝව නැරඹිම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ලබුනාරී ටැබ් පරිගණක කවර ආකාරයේ උපාසකයින්ට ප්‍රයෝජනවත් විය හැකි දැයි තවදුරටත් වටහා ගනු කැමති අයට පහත දැක්වෙන සබැඳිවලට අදාළ ලබුනාරී වීඩියෝව රෙකෝඩ් කළ සහ යූටියුබ් වෙබ් අඩවියට එක් කළ යම් උපාසක පිරිසක් වී නම් එබඳු පිරිස් ගැන සිතීම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

ලබුනාරී වීඩියෝවට සබැඳි:

  1. '"යුගයේ මහා ධර්ම දානමය පිංකම" - Sachini Nipunsala'
  2. 'Ven Mankadawala Sudassana Thero | 2019-04-06 පිංවත් ඔබ සැමට ආරාධනා'