සෝවාන් පුද්ගලයා පඤ්ච උපාදානස්කන්ධය අනිත්‍ය යැයි අවබෝධ කර නැතැයි රාජගිරියේ නානා අධර්මයක් දෙසීම

[ කාලය 00:12 ]

රාජගිරියේ නානා: සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයා පඤ්ච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දැක්ක කෙනෙක්. දැක්කට එයා පඤ්ච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරලා නැහැ.

තමන් අරහත්වය ලැබ ඇතැයි ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ රාජගිරියේ නානා වචනත් පටලවාගෙන, අර්ථත් පටලවාගෙන උම්බෑ නාදයක් පවත්වන අයුරු ඉහත වීඩියෝවේ දැක්වෙනවා. ඉහත උපුටා දක්වා ඇති කියමනට විටෙක අලියෙකුත් විටෙක අලියාගේ ස්වභාවයනුත් දක්වමින් රාජගිරියේ නානා නොගැළපෙන ලෙස උපමාත් ඉදිරිපත් කරන අයුරු වීඩියෝවේ දැක්වෙනවා. උපමා මාතෘකාවන් පටලවාගැනීමේ දෝෂ හැර මෙහෙම කිව්වොත් මේ මොන විපරීත කථාවක්ද:

"එයා දකිනවා කැලේ අලියෙක් ඉන්නවා, නමුත් එයා කැලේ අලියෙක් ඉන්නවා කියලා අවබෝධ කරලා නෑ."

අලියාගේ ලක්ෂණයකට අදාළව දැක්විය හැකි ඒ ආකාරයේම විපරීත උපමාවකුයි මේ:

"එයා දකිනවා කැලේ ඉන්නේ පිරිමි අලියෙක් කියලා. නමුත් එයා කැලේ ඉන්නේ පිරිමි අලියෙක් කියලා අවබෝධ කරලා නෑ."

මම නම් හිතන්නේ රාජගිරියේ නානාටවත් බැරි වෙයි රාජගිරියේ නානම කියන ලද "දකිනවා" යන්නෙහි සහ "අවබෝධ කරනවා" යන්නෙහි අර්ථ මෙසේ වෙනස් වේ යැයි විස්තර කරන්න.

යම් පුද්ගලයෙක් සෝවාන් ඵලය සාක්ෂාත් කර ඇත්නම් ඒ පුද්ගලයා පඤ්ච උපාදානස්කන්ධය අනිත්‍ය යැයි නිසැක අවබෝධයක් ඇති තැනැත්තෙක්. පඤ්ච උපාදානස්කන්ධය අනිත්‍ය යැයි අවබෝධයක් නැති සෝතාපන්න පුද්ගලයින් ඇත්තේ නැහැ.

වීඩියෝවේ දැක්වෙන්නේ රාජගිරියේ නානාගේ තවත් එක් පුස් වචන හරඹයක්.

රාජගිරියේ නානාගේ ඔවැනි උම්බෑ නාද ප්‍රිය කරන, ඒ උම්බෑ නාදවලට සාධුකාර දෙන, ඒ උම්බෑ නාද අන් අයටත් දක්වා අන් අයත් උම්බෑ ජාතියෙහි අලවන උම්බෑවන් සෑහෙන පිරිසක් ඉන්නවා.