වලස්මුල්ලේ අභය බමුණා සඞ්ඝභෙදය ගැන අධර්මයක් දෙසීම

වලස්මුල්ලේ අභය බමුණා සඞ්ඝභෙදය යනු මෙය යැයි අධර්මයක් පවසන අයුරු ඉහත වීඩියෝවේ දැක්වෙනවා. පාසැල් අධ්‍යාපන විෂය නිර්දේශයේ සම්පූර්ණයෙන්ම ඇත්තේ බමුණන්ගේ වේදය යැයි ද, නිඝණ්ඨයින්ගේ බණ පොත් යැයි ද පවසමින් මහා ධර්මධරයෙකු ලෙස අන් අයට අධර්මයක් දෙසන අභය බමුණාගේ මෝඩකම එම වීඩියෝවෙන් මනාව පිළිබිඹු වෙනවා.

අභය බමුණා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දසක නිපාතයේ ප්‍රථම ආනන්ද සූත්‍රයේ සඳහන් සඞ්ඝභෙදය ගැන කරුණු දහය අඩංගු ඡේදය සම්පූර්ණයෙන්ම කියවන ආකාරය වීඩියෝවේ දැක්වෙනවා. එසේ උවත් අභය බමුණා සඞ්ඝභෙදය යනු කුමක් දැයි එම සූත්‍රය ඇසුරෙන් නිවැරදිව වටහා ගෙන නැහැ. අභය බමුණා සූත්‍රය කියවා උඩින් පල්ලෙන් එහි අර්ථ විමසා "සංඝ භේදය යනු ධර්මය විකෘති කිරීමයි" ලෙස දක්වන අධර්මය වීඩියෝවේ කාලය 05:00 න් පමණ ඉදිරියට දැක්වෙන ප්‍රදර්ශන රූපයේ ද (slide) ලියැවී තිබෙනවා.

ධර්මය විකෘති කිරීම බොහෝ පව් උදා කෙරෙන ක්‍රියාවක්. එසේ උවත් හුදෙක් ධර්මය විකෘති කළ පමණින් එය සඞ්ඝභෙදය යැයි ගැනෙන්නේ නැහැ. සඞ්ඝභෙදයට තුඩු දෙන වස්තු දහයක් ප්‍රථම ආනන්ද සූත්‍රයේ දැක්වෙනවා. එම සූත්‍රයේම සඳහන් පරිදි "ඔහු මේ දශ වස්තුයෙන් (පිරිස) ඇද ගනිත්, අත්‍යර්ථයෙන් ඇද ගනිත්, ආවෙනි කර්ම කෙරෙත්, ආවෙනි ප්‍රාතිමොක්ෂය උදෙසත්, ආනන්දයෙනි, මෙතෙක් කරුණින් සඞ්ඝ භෙදය වේ." යන ආකාරයට භෙදය වීම සඞ්ඝභෙදය යැයි ගැනෙනවා. එහිදී සඞ්ඝභෙදය යන ඵලය සලකා ඊට සඞ්ඝභෙදය යැයි කියන්න පුළුවන්. සඞ්ඝභෙදය කිරීම යන ක්‍රියාව සලකා ඊට සඞ්ඝභෙදය කිරීම යැයි කියන්න පුළුවන්. එසේ උවත් හුදෙක් ධර්මය විකෘති කළ පමණින් ඉන් සඞ්ඝභෙදය වේ යැයි ගැනෙන්නේ නැහැ.

උපමාවක් ඇසුරින් එය විස්තර කළොත් මෙසේයි. අඹ ගසකින් ගෙඩි කැඩීම ගැන සිතමු. ගල් ගැසීම අඹ කැඩීම සඳහා යොදා ගත හැකි එක් උපක්‍රමයක්. අඹ කැඩුමට ගල් ගැසුවත් අඹ නොකැඩේ නම් එය අඹ කැඩීමට තැත් කිරීමක් යැයි කියන්න පුළුවන්. ගලුත් ගසනවා නම්, ඉන් අඹත් කැඩෙනවා නම් නැට්ට කැඩී අඹ ගෙඩි ගසෙන් වෙන්වීම යන ඵලය සලකා ඊට අඹ කැඩීම යැයි කියන්න පුළුවන්. තවද එම ඵලය ඇති කළ උපක්‍රමය, එනම් ගල් ගැසීම යන ක්‍රියාව සලකා ඊට ද අඹ කැඩීම යැයි කියන්න පුළුවන්. එසේ උවත් හුදෙක් ගල් ගැසීම ගැන සලකා "අඹ කැඩීම යනු ගල් ගැසීමයි" ලෙස කීම ගැළපෙන්නේ නැහැ. එම උපමාවේ ආකාරයටම හුදෙක් ධර්මය විකෘති කිරීම ගැන සලකා "සංඝ භේදය යනු ධර්මය විකෘති කිරීමයි" ලෙස කීම ගැළපෙන්නේ නැහැ. අභය බමුණා ප්‍රථම ආනන්ද සූත්‍රයේ සඳහන් දෑ උඩින් පල්ලෙන් විමසා සඞ්ඝභෙදය ගැන ඒ පවසන්නේ "අඹ කැඩීම යනු ගල් ගැසීමයි" බඳු අධර්මයක්.

අඹ ගසකින් අඹ කැඩීම පිරිසක් නොමැතිව යම් පුද්ගලයෙකුට තනිවම උවත් කළ හැකි වෙන්න පුළුවන්. එනමුත් සඞ්ඝභෙදය සිදුවීමට නම් අඩු තරමින් නව දෙනෙකුගෙන් යුත් පිරිසක් සිටිය යුතුයි. තවද භික්ෂුනීන් වහන්සේ නමකටවත්, සික්ඛමානාවකටවත්, සාමණේර නමකටවත්, සාමණේරී නමකටවත්, උපාසකයෙකුටවත්, උපාසිකාවකටවත් සඞ්ඝභෙදය කරන්න බැහැ. එම අයට සඞ්ඝභෙදය පිණිස තැත් කරන්න පුළුවන්. භික්ෂුවක් යැයි ප්‍රකාශිත වූ, සමාන සංවාසක වූ, සමාන සීමාවේ වූ අයෙකුට සඞ්ඝභෙදය කරන්න පුළුවන්. සඞ්ඝභෙදය ගැන එබඳු කරුණු ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ සඞ්ඝභෙදක ඛන්ධකයේ දීර්ඝ ලෙස විස්තර වී තිබෙනවා. එම විස්තර වලට අනුව ද "සංඝ භේදය යනු ධර්මය විකෘති කිරීමයි" ලෙස කීම අභය බමුණා විසින් පවසන ලද අධර්මයක් ලෙස දැකියි හැකියි.

ධර්මය විකෘති කිරීම බොහෝ පව් උදා කෙරෙන ක්‍රියාවක්. ධර්ම විකෘතිය ධර්මය අවබෝධ කෙරුමට බාධාවක්. ධර්ම විකෘතිය සඞ්ඝභෙදය කෙරුමට යොදා ගත හැක්කක්. ධර්ම විකෘතිය සඞ්ඝභෙදය පැවැත්මට රුකුල් දෙන්නක්. ධර්ම විකෘතිය සඞ්ඝ සමඟියට බාධාවක්. ධර්ම විකෘතිය ශාසන චිරස්ථිතියට බාධාවක්.

වලස්මුල්ලේ අභය බමුණා සඞ්ඝභෙදය ගැන අධර්මයක් පැවසීමට අමතරව තවත් බොහෝ දහම් කරුණු විකෘති කොට පවසන අයුරු ඉහත දක්වන ලද වීඩියෝවේම දකින්න පුළුවන්. අභය බමුණා දහම් විකෘති කිරීම දිගින් දිගටම කරගෙන ගොස් යම් දවසක සැබෑවටම  සඞ්ඝභෙදය කළොත් ඒ පාපයෙන් අභය බමුණාට කල්පයක් ආයුෂ නිරයේ පැසෙන්න වෙනවා.

මහා ධර්මධරයෙකු ලෙස අන් අයට අධර්මය දෙසන වලස්මුල්ලේ අභය බමුණාගේ මෝඩකම එම වීඩියෝවෙන් මනාව පිළිබිඹු වෙනවා.

අතිරේක කියවීම:

  1. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි සංඝ භේදය පිළිබඳ කරුණු වැරදවීම