වීඩියෝව: බමුණු අභයගේ ප්‍රකම්පනය වන චතුරාර්‍ය සත්‍යය

ඉහත දැක්වෙන්නේ යම් අයෙකු විසින් යූටියුබ් වෙබ් අඩවියේ පළ කොට ඇති වීඩියෝවක්. එම වීඩියෝවේ දැක්වෙන කරුණ පිළිබඳ මවිසින් ද "චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්" යන මාතෘකා ඇතිව මෙම වෙබ් අඩවියේ ලිපියක් පළ කොට තිබෙනවා. වලස්මුල්ලේ අභය බමුණා පවසන අධර්මය අධර්මයක් බව ඉහත වීඩියෝවෙන් මනාව දැක්වෙනවා.

තව ද ඉහත වීඩියෝවේ ආරම්භයට ආසන්නව අභය බමුණා විසින් සංයුත්තනිකාය 4, 62 පිටුවේ ඇත්තේ යැයි "අනිච්ඡ සූත්‍රය" යන නම් ඇති යමක් පෙන්වන අයුරු දකින්න පුළුවන්. අභය බමුණා එහිදී කර ඇත්තේ සූත්‍රයේ නම ස්වකීය වැරදි වැටහීමට ගැළපෙන අයුරින් වෙනස්කර දැක්වීම. බලන අය නොමඟ යැවෙන පරිදි අභය බමුණා විසින් සූත්‍රයේ නම "අනිච්ඡ සූත්‍රය" ලෙස වෙනස්කර දැක්වූවාට එනම් සූත්‍රයක් ත්‍රිපිටකයේ අදාළ ස්ථානයේ නැහැ. එතැන ඇත්තේ අනිච්ච සූත්‍රය. යම් අයෙකුට අභය බමුණාගේ නොමඟ යැවීම තහවුරුකර ගැනීමට උවමනා නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්තනිකායේ සළායතනවග්ගයේ 62 පිටුවේ ඇත්තේ කුමක් දැයි පරික්ෂා කර බලන්න පුළුවන්. පාලි භාෂාවෙන් එය "අනිච්චසුත්තං" ලෙස ලියැවී තිබෙනවා. වලස්මුල්ලේ අභය බමුණා එපරිද්දෙන් ද අන් අයව මුළා කරන්නෙක්.

වෙනත් අදාළ ලිපි:

  1. චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්
  2. මහාවිහාරය: "අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්"
  3. වලස්මුල්ලේ අභය හිමි අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම
  4. නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
  5. වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල