ජාතික චීවර පජාත සේවක සංගමය වෙනුවෙන් නරිපණ්ඩිත කොත්මලේ කුමාරකස්සප හිමි!

[ කාලය 00:03:15 ]

නිවේදක තුමා:
දැන් ස්වාමීන් වහන්ස අපි දකිනවා බොහෝ ස්වාමීන් වහන්සේවරු ඉන්නවා විශ්වවිද්‍යාල ආචාර්යවරු, විශ්වවිද්‍යාල මහාචාර්යවරු. ඉතින් දැන් භික්ෂුවක් රැකියාවක් කිරීම ත්‍රිපිටකයේ විනය රීතිවලට පටහැනි ද?

නරිපණ්ඩිත කොත්මලේ කුමාරකස්සප හිමි:
ත්‍රිපිටකය තුළ අපිට කොහෙවත් දකින්නට ඇත්තේ නැහැ භික්ෂූන්වහන්සේ වෘත්තියක නියැළෙන බව අපිට කතා කරන්නේ නැහැනේ. ඒ නිසා වෘත්තියක නියැළීම ගැන ශික්ෂාපද හෝ ඒ ගැන කතාවක් ඇත්තේ නැහැ. නමුත් අපිට දැන් ආචාර්ය තත්ත්වය හෝ මහාචාර්ය උපාධියක් කියන එක රස්සාවකට කරන දෙයක්ම නෙමෙයි. දැන් අපි ගත්තොත් පරම පූජනීය අපේ රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපානන් වහන්සේ මාහාචාර්ය, මහාචාර්ය තනතුර තියෙනවා. එතකොට ඒ ගෞරව මහාචාර්යය තනතුරක් තියෙනවා. හැබැයි උන්වහන්සේ රස්සාවක් කරන්න ගියේ නැහැනේ. මහාචාර්යය හෝ ආචාර්ය උපාධිය ලබා ගත් පමණින් කෙනෙකු රස්සාවක නිරතවීම සඳහායි මෙක කළේ කියන එක අපි හොයනවා නං, නිර්වචනය කරන්නට යනවා නං ඒක ඉතාම වැරදියි. අපි දන්න හඳුනන බොහෝ ස්වාමීන් වහන්සේලා ඉන්නවා තමාට ලැබෙන පඩියක්, ඒ කියන්නේ රජයෙන් වෙන්කරනවා නං තමාට වෘත්තීමය වශයෙන් යම් මුදලක්, ඒ මුදල ප්‍රතික්ෂේප කරලා, ඒ මුදල සුභසාධනය වෙනුවෙන් හෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ හෝ එහෙම නැතිනම් භික්ෂූන් වහන්සේලාගේ සුභසාධනය වෙනුවන් වෙන්කරලා කටයුතු කරන භික්ෂූන් වහන්සේලා පිළිබඳව අපි දන්නවා. එතකොට යම් කෙනෙක් ඇඟිල්ල දික්කරන්නට හදනවා නං භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනය තුළ ලබාගත්ත උපාධිය පිළිබඳව හෝ එහෙම නැතිනං මේ කරන දේ විනයානුකූල නැහැයි කියලා මං හිතන්නේ ඒක අර තමාගේ සියලුම කටයුතු ටික පසෙකින් තියලා ශිෂ්‍යයින්ට මේ ශාස්ත්‍රඥානය, නැතිනම් ධර්මඥානය ලබාදීම සඳහා වෙහෙසිලා කටයුතු කරන මුදලක් බලාපොරොත්තු නොවන භික්ෂූන්වහන්සේලාට අපි කරන මහ විශාල අගෞරවයක් වෙනවා ඒක. ඒ නිසා අපි දන්න, අපි හඳුනන බොහෝ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා මහාචාර්යය තනතුර කිවූ පමණින් අර මිම්ම අතිකරන එක ඒ තරම්ම සුදුසු දෙයක්, සුභදායක දෙයක් නෙමෙයි. ඒකෙන් අපි අනුමත කරනවා නෙමෙයි රස්සාව වෘත්තියක් කරන එක අනුමත කරනවා නෙමෙයි. හැබැයි යම් කිසි කෙනෙක් ගිහිල්ලා දේශනයක් පවත්වනවා කියන එක වෘත්තියක් ලෙස දකිනවා නං ඒක ලොකු වරදක් වෙනවා නේ. ඒක වෘත්තිය නෙවෙයි. උන්වහන්සේලාගේ ඇති අනුකම්පාව වෙන්නත් පුළුවන්. අපිට ඒක එකහෙළා ප්‍රකාශ කරන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ වෘත්තිමය වශයෙන් නියැළෙන අය නෑ කියනවා නෙමෙයි, සමාජය තුළ ඉන්න පුළුවන්. හැබැයි අපි ඇසුරු කරන දන්න හාමුදුරුවරු අර විදිහට බොහෝ පිරිසක් ඉන්නවා.

රස්සා කරන භික්ෂූන් නෑ කියනවා නෙමෙයි, සමාජය තුළ ඉන්න පුළුවන් ලු!

අපි මෝඩ ලු!

සබැඳි:

  1. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ පඤ්චකනිපාතයේ දුතියපණ්ණාසකයේ අනාගතභයවග්ගයේ තතියඅනාගතභය සූත්‍රය
  2. ජාතික චීවර පජාත සේවක සංගමය
  3. මාන්කඩවල සුදස්සන හිමිගේ නරිවාද ලබුවිජ්ජා සම්භාෂණය
  4. ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා බුදුසසුන වෙනුවන් අමිල මෙහෙයක් කෙරුමට උත්සුක වීම
  5. වංචනික නාගානන්ද කොඩිතුවක්කු නව ව්‍යවස්ථාවකින් බුදු දහමට ඇති රැකවරණය නැති කෙරුමට උත්සාහ කිරීම සහ දස රාජ ධර්මය පෙන්වා බෞද්ධයින් රැවටීම ගැන කොත්මලේ කුමාර කස්සප හිමිගේ අදහස්