ධර්මගොඩ කොපිරයිට්නන්ද බත් බැළයාගේ සහ සත්පුරුෂයාගේ වෙනස

ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ ධර්මගොඩ කොපිරයිට්නන්ද බත් බැළයා කෙබඳු ද? ධර්මගොඩ කොපිරයිට්නන්ද බත් බැළයා මෙබඳු බස් ඇත්තෙක්:

ශ්‍රද්ධා YouTube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත YouTube ඔස්සේ පල කිරීමෙන් ඔබගේ YouTube චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(YouTube Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.

Since Shraddha TV has obtained the copyright to YouTube channel's videos Please note that re-uploading them on YouTube gives you ''YouTube Copyright Strikes''.

Shraddha Media Network  -  All Rights Reserved

[ උපුටා ගැනීම යූටියුබ් වෙබ් අඩවියේ ඉහත දැක්වෙන වීඩියෝවට අදාළව පළ කෙරී ඇති විස්තරයෙනි. උපුටා ගත් වේලාව: Tue Feb 18 13:42:00 +0530 2020 පමණ ]

සත්පුරුෂයා කෙබඳු ද? සත්පුරුෂයා මෙබඳු බස් ඇත්තෙක්:

24. මහණෙනි, තොපට මම පසුර උපමා කොට ඇති දහම් දෙසන්නෙමි. එය එතෙර වීම පිණිස ය. ගැනීම පිණිස නො වේ. එය අසවු. මැනැවින් මෙනෙහි කරවූ. දෙසන්නෙමි යි වදාළසේක. ‘භාග්‍යවතුන් වහන්ස, එසේ ය’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:

25. මහණෙනි, අධන්මගට පිළිපන් පුරිස්තෙමේ යම් සේ වේ ද, හෙතෙමේ සැක සහිත වූ බිය සහිතවූ මෙතෙර ඇති, සැක රහිත බිය රහිත එතෙර ඇති, මහත් වූ ජලස‍කන්‍ධයක් දක්නේ ය. ඔහුට මෙතෙරින් එතෙර යාමට තරණ නැවක් හෝ මත්තෙහි බැඳි හෙයක් හෝ නො වන්නේ ය. ඔහුට මෙවැනි අදහසෙක් වන්නේ ය: “මේ මහාජලස‍කන්‍ධයෙකි. මෙගොඩ සැක සහිත ය. බිය සහිත ය. පරතෙර උවදුරු රහිත ය. ප්‍රතිභය රහිත ය. මෙතෙරින් එතෙර යාම සඳහා තරණ නැවක් හෝ මත්තෙහි බැඳි හෙයක් හෝ නැත. මම තණ, ලීදඬු, අතුකොළ කඩා එකතු කොට පසුරක් බැඳ ඒ පසුර නිසා අතින් හා පයින් උත්සාහ කරමින් සුව සේ එතෙර වන්නෙම් නම් මැනැව” කියා යි.

26. ඉක්බිති මහණෙනි, ඒ පුරුෂ තෙම තණ, දඬු, අතුකොළ කඩා රැස් කොට පසුරක් බැඳ ඒ පසුර නිසා අතින් හා පයින් වෑයම් කරමින් සුවසේ එතෙර යන්නේ ය. එතෙර වූ පරතෙරට ගිය ඒ පුරුෂයාට - ‘මට මේ පසුර බොහෝ උපකාරී වී ය. මම මේ පසුර හිස තබා ගෙන හෝ කර තබා ගෙන හෝ කැමැති මගකින් යන්නෙම් නම් මැනැවැ’යි මෙබඳු අදහසෙක් වන්නේ නම්, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද, මෙසේ කරන්නා වූ ඒ පුරුෂ තෙමේ ඒ පසුරෙහි කළයුතු දෑ කරන්නෙක් වන්නේ ද? ‘වහන්ස, මේ නො වේ ම ය’.

27. මහණෙනි, කෙසේ කරනසුලු ඒ පුරුෂ තෙමේ ඒ පසුරෙහි කළ යුතු දෑ කරන්නෙක් වන්නේ ද? මහණෙනි, මෙහි එතෙර වූ පරතෙරට පැමිණි ඒ පුරුෂයාහට මෙවැනි අදහසෙක් වන්නේ ය: ‘මට මේ පසුර බොහෝ උපකාර ඇත්තේ විය. මම මේ පැසුර නිසා අතින් ද පයින් ද වැයම් කරමින් සුවසේ එතෙර වූයෙමි. මම මේ පසුර ගොඩට පමුණුවා හෝ දියෙහි පා කොට යවා හෝ කැමැති මගකින් යන්නෙම් නම්, මැනැවැ’යි. මහණෙනි, මෙසේ කරන සුලු වූ ඒ පුරුෂ තෙමේ ඒ පසුරෙහි කළ යුතු දෑ කරන්නෙක් වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් මැ මා විසින් පසුර උපමා කොට ඇති ධර්‍මය දේශනා කරන ලදී. එය සසරින් එතෙර වීම පිණිස ය. ගැනුම පිණිස නො වේ. මහණෙනි, පසුර උපමා කොට තොපට දෙසන ලද ධර්‍මය දන්නා වූ තොප විසින්  ධර්‍ම යෝ ද හළ යුත්තාහ. අධර්‍මයෝ කැලමැ යි.

[ උපුටා ගැනීම ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිමනිකායේ මූල පණ්ණාසකයේ ඕපම්මවග්ගයේ අලගද්දූපම සූත්‍රයෙනි. ]

ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ ධර්මගොඩ කොපිරයිට්නන්ද බත් බැළයාගේ සහ සත්පුරුෂයාගේ එබඳු වෙනසක් වේ.

සබැඳි:

  1. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි ධර්ම ග්‍රන්ථවල කර්තෘ අයිතිය සඳහන් කිරීම
  2. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ සරල සිංහල රූකඩ ත්‍රිපිටක වෙබ් අඩවිය
  3. රූකඩ පරිවර්තනය
  4. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ YouTube Copyright Strike