ප්‍රමුඛ වූ මහාසොරෙකු වන පිටිදූවේ පකිස් බූරුවාගෙන් පිහිට යැදි ශ්‍රී ලංකා පොලිසිය

[ කාලය 01:32 ]

කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පින්වත් මහින්ද දිසානායක මැතිඳුන්ගේ ඉල්ලීම හා කාරුණිකත්වය තුළ ...

[ කාලය 11:16 ]

පොල්පිතිගම පොලිස් ස්ථානයට සීයක් ආධාර ලැබෙනවා ග්‍රාමසේවා වසම් සියල්ලට.

ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ පාරාජිකකාණ්ඩයේ සිවුවනපාරාජිකය කොටසේ ලියැවී ඇති දෑවලින් උපුටා ගැනීමක් (197 පිටුව):

12. “මහණෙනි, ලොව මේ මහහොරු පස්දෙනෙක් වෙති. ඔහු පස්දෙන කවරහු ද? යත්:

(1) මහණෙනි, මේ ලෝකයෙහි එක්තරා මහ සොරකුට මෙබඳු අදහසෙක් වෙයි: “මම කවරදා නම් සියයකින් හෝ දහසකින් හෝ පිරිවරණ ලද්දෙම් ගම් නියම්ගම් රජදනවුහි නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් දවමින් දවවමින් ඇවිදින්නෙම් දෝ”යි. හෙ තෙමේ පසු කලෙක සියයකින් දහසකින් පිරිවරණ ලද්දේ ගම් නියම් ගම් රජ දනවුහි මරමින් මරවමින් සිඳිමින් සිඳුවමින් දවමින් දවවමින් ඇවිදී. මහණෙනි, එපරිද්දෙන් ම මේ සස්නෙහි ඇතැම් පවිටු මහණකුට මෙ බඳු සිතෙක් වෙයි: “කවරදා නම් මම සියයකින් හෝ දහසකින් හෝ පිරිවරණ ලද්දෙම් ගම් නියම් ගම් රජදනවුහි ගැහැවියන් විසින් ද පැවිද්දන් විසින් ද සත්කාර කරණ ලද්දෙම්, ගරු කරණ ලද්දෙම්, බුහුමන් කරණ ලද්දෙම්, සිවුපසයෙන් පුදන ලද්දෙම්, අභිවාදනා කරණ ලද්දෙම්, සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර ලබන්නෙම් සැරි සරන්නෙම් දෝ” යි. ඒ මහණ පසු කලෙක සියයකින් හෝ දහසකින් හෝ ගම් නියම්ගම් රජදනවුහි ගිහියන් විසින් හා පැවිද්දන් විසින් සත්කාර කරණ ලද්දේ ගරු කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ සිවුපසයෙන් පුදන ලද්දේ අභිවාදනා කරනලද්දේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලැබීම් ඇත්තේ සැරි සරයි. මහණෙනි, මේ තෙමේ ලොව විද්‍යමාන වූ පළමුවැනි මහසොරා වෙයි.

(2) වැලිදු මහණෙනි, මේ සස්නෙහි ඇතැම් පවිටු මහණෙක් තථාගතභාෂිත ධර්‍ම විනය ප්‍රගුණ කොට (එය) තමාගේ යයි ප්‍රකාශ කෙරෙයි. මහණෙනි, මේ තෙමේ ලොව විද්‍යමාන වූ දෙවැනි මහසොරා වෙයි.

(3) වැලිදු මහණෙනි, මේ සස්නෙහි ඇතැම් පවිටු මහණෙක් පිරිසිදු බඹසර හැසිරෙණ රහත් මහණකුට මුල් රහිත පරිජිඇවැතින් චෝදනා කෙරේ ද. මහණෙනි, මේ තෙමේ ලොව විද්‍යමාන වූ තෙවන මහසොරා වෙයි.

(4) වැලිදු, මහණෙනි, මේ සස්නෙහි ඇතැම් පවිටු මහණෙක් සඟසතු යම් ඒ ගරු බඩු ගරු පිරිකර වේ ද, ඒ කවරේ ද? අරම්, අරම්වතු, වෙහෙර, වෙහෙරවතු, ඇඳ, පුටු, බිසි, කන්වයින්, ලොහොකළ, ලොහොසැළ, කුඩා ලොහොකළ, ලෝහකටාරම්, වෑ, පොරෝ, කෙටේරි, උදැලු, නියන්, වැල්, හුණ, මුදුතණ, බබුස්තණ, සෙවෙනියට සුදුසු තණ, මැටි, දැව බඩු, මැටි බඳුන් ය. එයින් ගිහියන් සඟන්නේ ද, පොළඹවන්නේ ද, මහණෙනි, මෙතෙමේ ලොව විද්‍යමාන සිවුවැනි මහසොරා වෙයි.

(5) මහණෙනි, යමෙක් සිය සතන්හි නැති උතුරුමිනිස්දම් තමා කෙරෙහි ඇතැයි කියා ද, මේ මහණ තෙමේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි ද, මහණ බමුණන් සහිත වූ දෙමිනිසුන් සහිත වූ ප්‍රජාව කෙරෙහි ද, ප්‍රමුඛ වූ මහසොරා වෙයි. ඒ කවර හෙයින? මහණෙනි, සොර සිතින් රට්ඨපිණ්ඩය අනුභව කරණ ලද්දේ ය. එහෙයිනි.

යමෙක් අන් පරිද්දෙකින් සිටුනා තමා අන් අයුරකින් පවසන්නේ නම්, ඔහුගේ ඒ සොරකමින් සිවුපසය වැළඳීම ලිහිණිවැද්දා විසින් ලිහිණින් රවටා මරා කනු වැන්න.

ගෙලෙහි ලූ කසාවත් ඇති පවිටු ගතියෙන් යුත් නොහික්මුනු පුද්ගලයෝ බොහෝ වෙත්. ඒ පවිටෝ පවිටුකමින් නිරයට පැමිණෙත්.

ඉදින් නොහික්මුණු දුසිල් මහණ තෙමේ යම් හෙයකින් රටවැසියාගේ පිඬු වළදන්නේ ද එයට වඩා ගිනිසිළුවක් වැනි රත් වූ යවටක් බුදින ලද්දේ උතුම් වේ.

සබැඳි:

  1. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ පඤ්චකනිපාතයේ තතියපණ්ණාසකයේ ඵාසුවිහාරවග්ගයේ මහාචොර සූත්‍රය
  2. පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම
  3. පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ අන්තර්ජාතික අන්ධබාල අම්බලම
  4. පිටිදූවේ පකිස් බූරු අනුගාමික සාකච්ඡා: "චිත්තානුපස්සනාව කාගේද?"
  5. පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් තබා සෝතාපන්න වත් නැති අන්ධබාල පෘතග්ජනයෙකි
  6. මල්වතු අස්ගිරි මහානායක පදවි දරන්නන් පිළිබඳ ගල්ලැහැපිටියේ පේමරතනගේ කියැවීමක්
  7. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි ගෝඨාභය රාජපක්ෂ මහතාට කැමති නෑ ලු!
  8. වත්මන් බුද්ධශාසන අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා මිසදිටු සරණ යමින් බුදු සසුනේද අගතියට කටයුතු කිරීම
  9. ප්‍රමුඛ වූ මහාසොරෙකු වන පිටිදූවේ පකිස් බූරුවාගේ කටයුතු සංවිධානය කරගන්න ශ්‍රී ලංකා යුද්ධ හමුදාවත් විශාල කැප කිරීමක් සිදු කරාලු